අගෝස්තු මාසයේ මූල්‍ය අංශ ඒකාබද්ධවීම් සක්‍රීය වේ


මූල්‍ය අංශ ඒකාබද්ධ කිරීම් සම්බන්ධයෙන් දක්වා තිබූ කාලසීමාවන්ට අනුකූලවීමේ වැදගත්කම වටහාගත් බොහෝ බැංකු හා මූල්‍ය සහ කල්බදු සමාගම් (බැංකු නොවන මූල්‍ය ආයතන), 2014 අගෝස්තු මස තුළදී ඒකාබද්ධකරණ ක්‍රියාවලිය සඳහා සක්‍රීය ලෙස දායක වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එහිදී, බැංකු නොවන මූල්‍ය ආයතන කිහිපයක් විසින් එකඟ වූ ඒකාබද්ධකරණ සැලසුම් පිළිබඳව මහජන නිවේදන නිකුත් කර ඇති බවද පෙන්වා දෙයි.

මීට අමතරව, බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන විසින් ඉදිරිපත් කරන ලද තවත් ඒකාබද්ධකරණ යෝජනා 10ක් සඳහා මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදුන් බවත්, අදාළ ආයතන ඒකාබද්ධ කිරීමේ/අත්පත්කර ගැනීමේ ක්‍රියාවලීන් පිළිබඳ කටයුතු සිදුකරගෙන යන ඉවත් පැවසෙයි.



Recommended Articles