අගෝස්තුවේ සංචාරක පැමිණීම්-ඉපැයීම් වැඩිවේ


2013 අගෝස්තු මාසයේදී 123,269ක් වූ සංචාරක පැමිණීම්, 2014 අගෝස්තු මාසයේදී 140,319ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

එහිදී, ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය සහ ප‍්‍රංශය සංචාරකයන් පැමිණීමේ ප‍්‍රධාන රාජ්‍යයන් 5 බවත්, 2014 අගෝස්තු මාසය තුළ මෙම රටවලින් පැමිණි සංචාරකයන් පිරිස, වාර්තා වූ මුළු සංචාරක පැමිණීම්වලින් 47.6% ක් බවත් පවසයි. 

එමෙන්ම, 2014 වසරේ අගෝස්තු සංචාරක ඉපැයීම් 2013 වසරේ අගෝස්තු මාසයේ වූ ඇ.ඩොලර් මිලියන 165.9 ක සිට ඇ.ඩොලර් මිලියන 202.7ක් දක්වා 22.2% කින් ඉහළ යනු ඇති බවටද ඇස්තමේන්තු කර තිබේ.

මේ අතර, සමුච්චිත පදනම මත, 2014 වසරේ අගෝස්තු මස දක්වා සංචාරක පැමිණීම් 23.1% කින් වර්ධනය වී ඇති බවත්, එම කාල පරිච්ඡේදය තුළ සංචාරක ඉපැයීම් 32.1% කින්, එනම් ඇ.ඩො.මිලියන 1,447.2ක් දක්වා වර්ධනය වී ඇති බවත් පෙන්වා දෙයි.



Recommended Articles