’’ජාකොබ් පුතා’’ අයිතිකරුට රටින් පනින්න බැරිවෙයි


මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඈත මුහුදු සීමාවේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 200 කට අධික ප්‍රමාණයක් සමග අත් අඩංගුවට ගෙන ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින " ජාකොබ් පුතා" බහු දින ධීවර යාත්‍රාවේ හිමිකරු , මෙම පුවත සැළවීමත් සමග මාළදිවයින වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , අවසාන ආරක්ෂක කවුළුව ද පසු කර යාමට සූදානම් ව සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 06/25 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .

වර්ණකුලසූරිය ඇන්ඩර්සන් ඉන්දික ප්‍රනාන්දු නැමැති මොහු මීගමුව , පළගතුරය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
   
මොහු 06/25 දින රාත්‍රී 08.35 ට කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින බලා පිටත්ව යාමට සූදානම් වී තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන යානයට පිවිසීම සදහා ගුවන් තොටුපොළ වෙත පැමිණ සියලුම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගුවන් යානයට පිවිසෙන අවසාන ආරක්ෂක කවුළුව වෙත පැමිණ තිබුණි .

අත් අඩංගුවට ගත් මෙම ව්‍යාපාරිකයා මේ වනවිට මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. හෙරොයින් තොගය සමග අත් අඩංගුවට ගත් බහු දින ධීවර යාත්‍රාව 06/26 දින ගාල්ල වරාය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රැගෙන විත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දීමට නියමිතය .



Recommended Articles