’’කලමුල්ලේ ටෂී’’ ඝාතනය කෙරූ සැකකරු හදිසියේ මිය යයි


කළුතර, කටුකුරුන්ද ප්‍රෙදේශයේ දී පසුගිය 19 දා රාත්‍රි කලමුල්ලේ ටෂී නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව කළුතර බන්ධනාගාරය තුළ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකරු ඊයේ පස්වරුවේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අසනීපව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, තිබුවන පැලපිටියා ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර රුක්මාල් සිල්වා නමැති රැඳවියකු බවත්  ඔහු මෙම මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ පසුගිය 25 දා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටියා.

පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙන බව වර්තාවේ.



Recommended Articles