’ක්ලීන් ශ්‍රී ලංකා’ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවමින් අති විශේෂ ගැසට්ටුවක්


රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත  "ක්ලීන් ශ්‍රී ලංකා"  වැඩ සටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපිත කර  එහි සාමාජිකයන් පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (19) දාතමින් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කෙරිණි .

ඒ අනුව " ක්ලීන් ශ්‍රී ලංකා"  ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස ජනාධිපති ලේකම් එන්.එස්.කුමානායක ,යුධ හමුදාපති,ගුවන් හමුදාපති ,නාවික හමුදාපති, වැඩ බලන පොලිස්පති ඩබ්ලිව් .එල්.ඒ.සමන් ප්‍රියන්ත ,නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඉන්ජිනේරු කුමුදුලාල් ද සිල්වා,අයි.එස්.ජයරත්න ,ගිහාන්ද සිල්වා,සන්ධ්‍යා සල්ගාදු,ආචාර්ය ගාමිණී බටුවිටගේ,ආචාර්ය අනුරුද්ධ ගමගේ,දිල්රුක්  වනසිංහ, දීපාල් සූරියආරච්චි , සිසිර අමරබන්දු, ක්‍රිශාන්ත කුරේ, ජයතු පෙරේරා ,රුවන් වීරසූරිය , දයාන් කරුනාරත්න යන මහත්වරුන් හා නිලධාරීන් ජනාධිපතිවරයා විසින්  පත් කරනු ලැබ සිටිති.

මෙම කාර්ය සාධක බලකායේ සභාපති ලෙස ජනාධිපති ලේකම් එන්.එස්.කුමානායක මහතාද, ලේකම් හා කැඳවුම්කරු ලෙස ජනාධිපති ජෙෂ්ඨ අතිරේක ලේකම්  ජී.එම්.ආර්.ඩී.අපෝන්සු මහතාද පත්කල බව ගැසට් නිවේදනයේ සඳහන්වේ.

සමාජීය,පාරිසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීමේ අරමුණු ඉටුකර ගැනීම සඳහා   " ක්ලීන් ශ්‍රී ලංකා"  වැඩසටහන සැලසුම් කිරීම ,මෙහෙයවීම , ක්‍රියාත්මක කිරීම මෙන්ම එහි  කාර්යන් ඉටු කිරීම පිළිබඳව ප්‍රගතිය කලින් කලට ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමද මෙම කාර්ය සාධක බලකායට පවරා ඇත.



Recommended Articles