ගන්දරදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙම වෙඩි තැබීමට සම්බන්ධ අදාළ සැකකරුවන් දෙදෙනා නිතිඥවරු මාර්ගයෙන් ගන්දර පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසුව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා අවුරුදු 26 හා 35 යන වයස්වල පසුවන්නන් වෙයි.