ෆෙන්ගල්ගේ බලපෑම හෙටින් පසුව අඩුවෙයි


නිරිත දිග බෙංගාල බොක්ක ප්‍ර දේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28දා) පෙරවරු 8.30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරන අතර තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇතැයිද එම දෙපාර්තමේන්තුව කියයි.හෙට (29දා) දිනෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයිද අද පස්වරුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

දිවයිනේ උතුරු හා උතුරු මැද පළාත්වත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 



Recommended Articles