ෆයිසර් එන්නත් මිලියන 14 ක් ගන්න ලෝක බැංකුවෙන් ඩො මි 100ක ණයක්


ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීම වෙනුවෙන් හා එන්නත් ලබාදීම වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර දැක්වීම හා සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම අතිරේක ණය  මුදල ලබාදීමට නියමිතය.

මෙම අතිරේක මුල්‍යයන පහසුකම ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 



Recommended Articles