ළමා රක්ෂක අධිකාරිය පනතට පමණක් සීමා වෙලා


මේ වසරේ ජනවාරි 02වැනි සතියේ සිට ජුනි මස 30වැනිදා දක්වා කාලයෙහි දරුවන්ට එරෙහි අපරාධ පැමිණිලි 4380ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති බවත්, ඒ අතරට, බරපතළ ලිංගික අපයෝජන, පැහැරගෙන යාම් පිළිබඳව පැමිණිලිද ඇතුළත් වන බව  හිටපු විගණකාධිපතිවරයෙක් පවසයි.

2023 මාර්තු 08වැනිදා සිට 2023 දෙසැම්බර් 31වැනිද දක්වා පැමිණිලි 9673ක් ලැබී අතර, ඒ අතරින් 403ක් බරපතළ ලිංගික අපයෝජන බවට පැමිණිලි වෙයි. 

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර ඇත්තේ, ජාතික ළමා රක්ෂක අධිකාරියට 2015 සිට 2023 වසර 08කක කාල සීමාවෙහි ලැබුණු පැමිණිලි 79,259කින් 42,073ක් විසඳීමට අවශ්‍ය පියවර ගෙන නොමැති බවත් විගණනය මගින් අනාවරණය කරගෙන ඇත.

2018 වර්ෂයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හිටපු විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්නගේ අත්සන් සහිතව නිකුත් කරන ලද වාර්තාවකින් අනාවරණය වනුයේ, මෙසේ විසඳීමට පියවරගෙන නොමැති  නිසා ළමාරක්ෂක අධිකාරිය පනතට පමණක් සීමාව ඇති බවත්ය.   

 



Recommended Articles