හෙරොයින් මත්කුඩු පැකට් ස්ථානගත කරමින් (ලොකේෂන්) ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 90ක් සමග නැන්දම්මා සමග යේළිය අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි.
ලද තොරතුරකට අනුව පේරාදෙණිය පොලිස් වසමේ ඊරියගම ප්‍රදේශයේදී සැක කටයුතු ත්‍රීරෝද රථය නවතා ඔවුන් පරීක්ෂා කිරීමේදී කාන්තාවගේ අත් බෑගයේ තිබී හෙරොයින් මත්කුඩු අඩංගු පාර්සලය හමු වූ බව පොලිසිය කියයි.
ත්‍රී රෝද රථයේ රියැදුරද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පවසන පොලිසි යසැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියාද හෙරොයින් මත්කුඩුජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.