හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්


පෙබරවරි මාස 24 වන දින සිට රාත්‍රී කාලයේ සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව හා මධ්‍යමපළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර ඌව හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට  දිස්ත්‍රික්කයේ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල, මාතර, කවතර හා රත්නපුර දිස්ත්‍රික්කව සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

 



Recommended Articles