හෙට සිට ප්‍රදේශ කිහිපයකට වැසි


හෙට(24දා) සිට ඉදිරි දින කිහිපයේදී උතරු-මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත් වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙලාර්තමේන්තුව සඳහන් කරයි. 



Recommended Articles