හෙට මිලි මීටර් 100 ඉක්මවා වහින පැති මෙන්න


බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

එසේම බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය හා පුත්තලම දිස්‍ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

මාතලේ, අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බවද එම දෙපාර්මේන්තුව වැඩිදුරටත් කියයි.

 



Recommended Articles