හිමිවරුන් 69ක් ඇතුළු 84ක් නිරෝධායනය කරයි


කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 දෙනකු එම පිරිවෙන තුළම ඊයේ (13දා) රාත්‍රියේ සිට නිරෝධායනය ලක් කළ බව පිළියන්දල පොලීසිය කියයි.

එහි වැඩ වසන හිමිනමකගේ  සුවදුක් බැලීම සඳහා හිමිනමකගේ මවක්  පසුගිය  2දා කටුනායක සිට  පැමිණ පැයක් පමණ එහි  ගත කර පිටව ගොස් තිබූ බව පොලිසිය කියයි.

මෙම මවට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මෙසේ හිමිවරුන් නිරෝධානයට ලක්කර තිබේ.

හිමිවරුන් 69 දෙනකු හා එම පිරිවෙන් භූමිය ගොඩනැගිල්ලක ඉදිකිරීම්  වල නිරත  පෙදරේරුවන් 15 දෙනෙකු මෙලෙස නිරෝධායන ට ලක් කළ බව පිලියන්දළ පොලීසියේ නිලධාරීයෙක් පැවසීය.



Recommended Articles