හිටපු සුරාබදු කොමසාරිස් ඇතුළු 4ක් නොවැ. 10 තෙක් රට නොයන බව කියයි


නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (10) පොරොන්දු වුහ.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් විදේශ ගතවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කියමින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන්නැයි ඉල්ලා ගොනු කර  තිබූ මෝෂම කැඳවූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේ බව දැනුම් දුන්නේය.

වැඩබලන අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දිලීප් නවාස්, සහ ජනක් ද සිල්වා යන මහත්මමහත්මීන් ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මෝසම සලකා බැලීණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනුජය ද සිල්වා මහතා කරුණු දක්වමින් කැබිනට් මණ්ඩල තීරණයකට අනුව වගඋත්තරකාර සුරාබදුන් කොමසාරිස් ජනරාල්වරයා අදාළ තනතුරෙන් මේ වන විට ඉවත් කර ඇතැයි කීය.

මේ වන විට ඔහු තනතුරෙන් ඉවත් කර ඇතැත් ඔහු තනතුරේ සිටියදී අ`ථතින් මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස අධිකරණය නියෝගයක් දී තිබියදී් එය නොතකමින් අ`ථතින් බලපත්‍ර දීමට කටයුතු කර ඇතැයි කී නීතිඥ මනුජය ද සිල්වා මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කරුණු දැක්වීමට අපේක්ෂා කරන්නේ යැයිද කීය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් තම සේවාදායකයින්ට විදේශ්ගතවීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි කීය.

එහෙත් මෙම නඩුව ලබන නොවැම්බර් 06 වැනිදා සලකා බැලීමට නියමිතව ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තම සේවාදායකයින් නොවැම්බර් 10 වැනිදා තෙක් විදේශගත නොවන බවට පොරොන්දු වන්නේ යැයි කීය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අධිකරණය පැමිණිල්ල නොවැම්බර් 06 වැනිදා කැඳවීමට නියම කළේය.

 

 


Recommended Articles