"අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා තව සති දෙක තුනකින් ලබාගත් අළුත් සාක්ෂි තොරතුරු මත පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැළසුම් කරුවන් සහ සිද්ධවුනේ කොහොමද කියලා හෙළිදරව් කරන්න. ඒ නිසා හිටපු රජ පවුල සලිත වි තිබෙනවා" යැයි ගුවන් නාවික හා ප්‍රවාහන ඇමති බිමල් රත්නායක මහතා පැවසිය.
රත්නපුර ලංගම ඩිපෝවේ නිරික්ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍යවේදින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඇමති වරයාගෙන් කරන ලද විමසිමකදි එසේ පැවසිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඇමති බිමල් රත්නායක මහතා මෙසේද කිය.
"පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපතිතුමා ජනතාවට පොරොන්දුවක් දිලා තිබෙනවා ඒක විශාල වගකිමක්
ප්‍රධාන වග උත්තරකරුවන් සැළසුම්කරුවන් සොයාගැනිම.
දැනට පසුගිය සති දෙක තුන ඇතුලත පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කරපු සැකකාර පොලිස් නිළධාරින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒවාගේම රාජපක්ෂ පාලනයේ හිටපු මහ ඇමති පිල්ලෙයාන් නැගෙනහිර උ කුලපති ඝාතනයක් සම්බන්ධව අත් අඩංගුවට ගෙන තිබෙනවා.
නමුත් දැනට අපි දන්නවා කරගෙන යන පරික්ෂණවලින් හෙළිදරව්වි තිබෙනවා ඔහුගේ යම් සම්බන්ධතාවයක් තිබෙන බවට ඒ නිසා දුෂ්කරතාවය තිබෙන්නේ පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් සොයා ගැනිම ඒ නිසා දැන් පැහැදිලියි රජයේ ඉහලම ආයතනවලින් යම්කිසි දායකත්වයක් ඇතිව සිදුවු අපරාධයක් බවට. නැතිව මේ නිකම් නිකන් මරාගෙන මැරෙන්නන් නම දෙනෙක් ගිහින් කරගත්ත දෙයක් නොවෙයි.
ඒ වාගේම මේ පාස්කු ප්‍රහාරයෙන් පසුව මේ ප්‍රහාරය සැළසුම් කලාය කියන දේශපාලන වශයෙන් අපට කල්පනා වෙන පක්ෂය බලයත් දැරුවා සාක්ෂිත් විනාශ කරලත් තිබෙනවා වසන් කරලත් තිබෙනවා.
අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා මේ සති දෙක තුලදි ලබාගත් අළුත් සාක්ෂි තොරතුරැ මත පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැළසුම්කරුවන් සහ සිද්ධවුනේ කොහොමද කියලා හෙළිදරව් කරන්න.
ඒ නිසා දැන් ඇත්ත අපරාධකරුවන් කලබල වෙලා තිබෙන්නේ. රජ පවුල සලිත වෙලා රනිල් වික්‍රමසිංහ පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනිමෙන් පසුවයි කථා කරන්නේ ගම්මන්පිල අයවගේ අයට පිල්ලෙයාන්ට නිතිඥ වෙන්න වෙලා තිබෙනවා"
අජිතලාල් ශාන්ත උදය