ජාවාරම්කරුවෙකුගේ ජාවාරම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි වන ආකාරයට කටයුතු කරන්නැයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට, හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට නියෝග කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපි ශිර්ෂයක ඔහුගේ අත්සනින් යුතුව යවා ඇති ලිපිය ව්‍යාජ එකක්ද? සත්‍ය එකක්ද? යන්න පිළිබඳ විමර්ශනය කර අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපි ශිර්ෂයක ඔහුගේ අත්සනින් යුතුව යවා ඇති ලිපිය ව්‍යාජ එකක්ද? සත්‍ය එකක්ද? යන්න පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සඳහන් කරමින් රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන පිළිබඳ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ගොනු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දකුණු පළාතේ ජාවාරම්කරුවෙකුට ඔහුගේ ජාවාරම් කටයුතු කරගෙන යා හැකි වන ආකාරයට කටයුතු කරන්නැයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට, හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට නියෝග කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපි ශිර්ෂයක ඔහුගේ අත්සනින් යුතු ලිපියක් යවා ඇතැයි දැනුම් දුන්නේය.
මාතර තැපැල් කාර්යාලයෙන් මෙම ලිපිය තැපැල් කර ඇතැයි විමර්ශන වලදී හෙළිවී ඇතැයි දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු මෙම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නියෝග කර තිබී ඇතැයිද දැනුම් දුන්හ.
එලෙස යවා ඇති ලිපි සත්‍ය ලිපිද? එසේත් නැතිනම් අසත්‍ය ලිපිද? යන්න සෙවීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු විමර්ශන වල ප්‍රගතිය දැනුම් දීම සඳහා කල් දෙන්නැයි ඉල්ලීමක්ද කළහ. ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රත්වරිය ඒ සඳහා අවසර දුන්නාය.
සචිත්‍ර ගුණසේකර