හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාවට මිලියන 82ක් වැයවූ කථාව අසත්‍යලු


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් වෙනුවෙන් ඉකුත් මාස එකොළහකට රුපියල් මිලියන 82ක් වැය වූ බවට කෙරුණු ප්‍රකාශ සත්‍යයෙන් තොර බව  ඒ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හිටපු ජනපතිවරයා වෙනුවෙන් අමතර වියදම්  වැය කෙරුණේ වාහන සහ ඉන්ධන සඳහා පමණක් බවත් එය සැලකිය යුතු මුදලක් නොවන බවත් පෙන්වා දෙයි.

වැඩිම මුදලක් වැය වන්නේ රජයේ සේවකයන් වන ආරක්ෂක නිලධාරීන්ගේ වේතන සඳහා බවත් ඔවුන් කුමන තැනක රාජකාරී කළත් ආරක්ෂක නිලධාරීන්ට හිමි වැටුප ගෙවිය යුතු බවත් සඳහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක වියදම් සඳහා රුපියල් මිලියන 82ක් ඉකුත් මාස එකොළහේදී වැය වූ බවට ගණන් හදා ඇත්තේ ආරක්ෂක නිලධාරීන්ට ගෙවන ලද වැටුප ද සමග බවත් එම ගණනය කිරීම වැරදි බවත් එම නිසා ප්‍රකාශ කෙරුණු ගණන් හිලව් නිවැරදි නොවන බවත් නිවේදනයෙන් පෙන්වා දෙයි



Recommended Articles