හිටපු අමාත්‍ය රෝහිතගේ බෑණා කරුණු පහදයි


මහනුවර ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගැනුන සැප වාහන සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍ය වරයාගේ බෑනා සම්බන්ධ බවට මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාරය සම්බන්ධයෙන් අද (13)  හිටපු  අමාත්‍යවරයාගේ බැණා වන ගයාන් සේරම් මහතා මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

එහිදී කරුණු පැහැදිලි කරමින් ඒ මහතා සදහන් කර සිටියේ එකී වාහන සම්බන්ධයෙන් තමන් හෝ තමන්ගේ බිරිදගේ පියා වන හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ගේ සම්බන්ධයක් නොමැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය . "එම වාහන පොලිස් භාරයට ගැනීම සම්බන්ධයෙන් මට එරෙහිව අධිකරණය වෙතින් නියෝගයක් නිකුත් කර ඇති බවට මාධ්‍ය ආයතන කිහිපයක් ප්‍රචාරය කලා. එයට මාගේ සම්බන්ධයක් නොමැති බවට මම මීට පෙර බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තියෙනවා .

දැන් නැවතත් මැතිවරණයක් ආසන්නයේ සිට අසත්‍ය චෝදනා එල්ල කරනවා. එම වාහන වලට මගේ කිසි සම්බන්ධයක් නෑ.

මට අධිකරණ නියෝගයක් ලැබී ඇති බවක්, පොලිස් විමර්ශනයක් පැවැත්වෙන බවක් සහ මගේ විදේශ ගමන් බලපත්‍රය අවලංගු කල බවක් ප්‍රචාරය වෙනවා. එහෙත් කිසිදු අධිකරණයකින් මට නියෝගයක් නිකුත් කල බවක් දැනගන්න නැහැ. අඩුම තරමේ මට පොලිසිය දැනුම් දීමක් හෝ කර නැහෑ. ඒ වගේම මගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කර නැති බව වගකීමෙන් කියා සිටිනවා.

මහ මැතිවරණ ආසන්නයේ සිට මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙනයන්නේ මගේ බිරිඳ ගේ පියාගේ මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා.

ඇයි මේ මිනිසුන් මෙතරම් පහත් තත්ත්වයට පත්වෙන්නේ. මට සහ මගේ බිරිඳ ගේ පියා වන හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සම්බන්ධ කරගනිමින් මේ ආකාරයට අසත්‍ය ප්‍රචාර ගෙනයන මාධ්‍ය ආයතන වලට එරෙහිව මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා" යනුවෙන් ද පැවසීය .

පානදුර සුමිත් පොතුපිටිය



Recommended Articles