හඟුරක්කෙත ප්‍රාදේශිය සහා ඡන්ද විමසීම පැවැත්වීම වළකාලන අතුර තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ස්වාධීන කණ්ඩායම් නායකයකූ අභියාචනාධිකරණට රිට් පෙත්සමක් අද (26) ගොනු කළේය.
තමන් හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට හගුරනකෙත ප්‍රදේශයේ මැතිවරණ තේරීම් බාර නිලධාරියා ගත් තීරණය අවලංගු කරනතුරු අදාළ අතුරු තහනම් නනියෝගය නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම රිට් පෙත්සම ගොනු කළේය.
හඟුරක්කෙත ප්‍රාදේශිය සහා ඡන්ද අපේක්‍ෂකයකු වන ජේ.එම්. ජයරත්න මහතා ගොනුකළ මෙම රිට් පෙතසමේ වගඋත්තරකරුවන් වශයෙන් හගුරනකෙත ප්‍රදේශයේ මැතිවරණ තෙරීම් බාර නිලධාරිවරයා ඇතුළු පිරිසන් නම් කර ඇත.
නීතිඥ තුශාරී ජයවර්ධන මහත්මිය මඟින් මෙම රිට් පෙත්සම ගොනු කරන ජේ.එම්. ජයරත්න මහතා පසුගිය මාර්තු 20 වැනිදා උදෑසන 11.55 සිය ස්වාධීන කණ්ඩායම වෙනුවෙන් නාමයෝජනා පත්‍රයද ඊට අදාළ ලේඛනද තේරීම් නිලධාරීවරයාට තමන් බාර දුන් විට නියමික කාලය පසුවි ඇති බව සඳහන් කරමින් අදාළ ලේඛන භාරගැනීම තේරීම් නිලධාරීවරයා ප්‍රතික්ෂේප කළ බව සඳහන් කර සිටී.
ඒ සම්බන්ධයෙන් අභියාචනයක් කළත් පලක් නොවු බව පවසන පෙත්සම්කාර ජේ.එම්. ජයරත්න මහතා තම නාම යෝජනා පත්‍රය බාර ගැනීම ප්‍රතික්‍ෂෙප කිරීමට තේරීම් නිලධාරීවරයා ගත් තීරණය බල රහිත කරන රිට්ආඥාවක් නිකුත් කරන්නැයිද හඟුරන්කෙත ප්‍රාදේශීය සභාව සඳහා ඡන්දය පැවැත්විම වලකාලන අතුරු නියොගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.
සචිත්‍ර ගුණසේකර