හක්ගල උද්‍යානය 2024දී රු. ලක්ෂ 1905ක් හොයයි


හක්ගල ජාතික උද්භිද උද්‍යානය 2024 වසර තුළ රුපියල් 190,508,084ක ආදායමක් ලබා ඇති බවත්, එය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් 749257ක් එම වර්ෂය තුළ පැමිණ ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

2024 වසරේ හක්ගල ජාතික උද්භිද උද්‍යානය නැරඹීම සඳහා පැමිණි සංචාරකයන්ගෙන් 725934කු දේශීය සංචාරකයන් බවත්, විදෙස් සංචාරකයන් 23323කු පැමිණ ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උද්‍යානය නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයන්ගෙන් රුපියල් 69,867,520ක ආදායමක් ලබා ගැනීමට සමත්ව ඇති බව තොරතුරු දැන ගැනීමේ පනත අනුව සිදු කරන ලද විමසීමේදී පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ශාන් හුලංනුගේ



Recommended Articles