සෞදියේ සිටි ලාංකිකයන් 275ක් දිවයිනට


සෞදි අරාබියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 275 දෙනෙකු රියාද් නුවර සිට රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (07) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණියේය.

මෙම ශ්‍රී ලාංකිකයන් සෞදි අරාබියේ රැකියා සදහා ගොස් සිටි පිරිසකි.  මීට අමතරව කටාර් රාජ්‍යයේ දෝහා සිටද අද අලුයම පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන්, කටාර් රාජ්‍යයේ නැව් වල සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමු කෙරුණි .


Recommended Articles