සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කාර්ය මණ්ඩල වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් වාහන 11ක් ලබාදී තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දෙයි.
බලයට පත් වීමට පෙර රජයේ වාහන භාවිත නොකරන බවට ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පිරිස් පෙන්වා දුන් බවද එම සංගම් නියෝජිතයෝ පවසති.
වාහන වෙන් කර ගැනීමට අමතරව ඉන්ධන හා රියදුරන් පවා වෙන් කර තිබෙන බවත් මේ අනුව අමාත්‍යවරයාට ඉන්ධන ලීටර් 595ක දීමනාවක් හා සෙසු පිරිස් සඳහා ඉන්ධන ලීටර් 213ක් වශයෙන් දීමනා හිමිවන බවත් සඳහන් කරති.
මෙම වාහන අතර කැබ් රථ හා මෝටර් රථ තිබෙන බවත් අමාත්‍යවරයාට හා නියෝජ්‍ය අමාත්‍යවරයාට අමතරව පුද්ගලික ලේකම්වරුන්ට, සම්බන්ධීකරණ ලේකම්වරුන්ට, මාධ්‍ය ලේකම්වරුන්ට හා මහජන සම්බන්ධතා නිලධාරිවරුන්ට අදාළ වාහන ලබා දී තිබෙන බවත් පවසති.
පවතින නීති රීතිවලට අනුව මෙම පිරිස් සඳහා නිල වාහන, ඉන්ධන හා රියදුරන් හිමි වුවත් මැතිවරණ වේදිකාවල ප්‍රකාශ සිදුකරනු ලැබුවේ වාහන භාවිත නොකරන බවත් පෙන්වා දෙති.