සොරණාතොට පවුල් 15 ක් ස්වයං නිරෝධායනයට


සොරණාතොට  මීගහවෙල  ගම්මානයේ පවුල් 15 කට අයත් පුද්ගලයන් 50 දෙනෙක් සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි  සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  පවසයි .

මෙම එක් නිවසක සාමාජියන්  මිනුවන්ගොඩ  කොරෝනා ආසාදිතයෙකුගේ නිවසට ගොස් පැමිණ ඇති බවත් හෙලිවීමෙන් පසු  මෙම පවුල ඇසුරුකළ තවත් පවුල් 14 ක් ද සමග පවුල් 15 මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කල බවත් සෞඛ්‍ය බළධාරිහු පවසති .

බදුල්ලේ පාලිත ආරියවංශ



Recommended Articles