සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් 1548ක් දක්වා ඉහළට


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 22ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1548ක් දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකාවෙන් ආසාදිතයන් 1951ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට  පත්වූ සංඛ්‍යාව 11කි.

ඒ අනුව තවත් රෝගීන් 392ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.



Recommended Articles