සුව වූ මුළු නාවික රණවිරුවන් ගණන 848ක් දක්වා ඉහළට


කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් හය දෙනෙක් (06) රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

ඔවුන්ගෙන් සිව් දෙනෙක් (04) ඉරණවිල රෝහලින්ද, දෙදෙනෙකු (02) තෙල්දෙනිය රෝහල වෙතින්ද ප්‍රතිකාර ලබා ගන්නා ලදි.

මෙම නාවික හමුදා පුද්ගලයින් හයදෙනා (06) ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 848 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.



Recommended Articles