සුදුලූනු වංචාවට සතොසේ තවත් 4ක් අත්අඩංගුවට


සතොස  සුදුලූනු වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 4ක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සිවුදෙනාද සතොස සේවකයන් වෙයි.

මෙම නිලධාරීන් සිව්දෙනා අතරට වැඩ තහනම් කර සිටින නිලධාරීන් තිදෙනකු සහ සතොස සේවයට මෑතකදී එක් වූයේ යැයි කියන නිලධාරිනියක් ද ඇතුළත්ව සිටින බව සතොස ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පුද්ගලයන් සිව්දෙනා හෙට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

 



Recommended Articles