සුජීවගේ වී 8 රථයට අදාළව රංගාගෙන් අත්සන් සාම්පල් 40ක් ගනියි


අධිකරණ නියෝග මත  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තිබියදී අධිකරණ කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සුජීව සේනසිංහ මහතාට බැඳුම්කරයක් මත මුදා හැරී වි 8  සුඛෝභෝගී  ප්‍රශ්නගත මෝටර් රථය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතාගෙන්  අත්සන් සාම්පල් 40 කට ආසන්න ප්‍රමාණයක් පෙරේදා (3) ලබාගත් බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම අත්සන් සාම්පල රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පරීක්ෂකවරයා වෙත සඳහා යොමු කිරීමට නියමිත ඇතැයිද  දැනගන්නට ඇත.

හිටපු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතාගෙන් එදින පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමටද කටයුතු කර තිබිණි.

එම  මෝටර් ලියාපදිංචි කිරීම සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත  ඉදිරිපත් කරන ලද පැවරුම් ලේඛනයේ ( එම් ටි ඒ -6 ෆෝරමයේ) ඇත්තේ තමාගේ අත්සන නොවන බවට මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

අදාළ වි 8 මෝටර් රථය එහි වර්තමාන ලියාපදිංචිකරු  වන සුජීව සේනසිංහ මහතා වෙත  මිලියන 100 ක බැඳුම්කරයක් මත  ඉකුත් 25 වෙනි දින කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියගේ නියෝග මත මුදාහැරීනි



Recommended Articles