සීදූවේ කොවිඩ් රෝගීන් දින දෙකකින් ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් නෑ


කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ඉකුත් 18 දා සිට 20 දා දක්වා කොරෝනා වෛරසය ආසාදිත වු රෝගීන් 36 දෙනෙකු වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් නොමැති බව එම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය.

ඒ අනුව පිරිමි පුද්ගලයන් 30 දෙනෙකු සහ කාන්තාවන් 06 දෙනෙකු මෙසේ වැඩිදුර  වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නියමිතව සිටින බව සුරේෂ් කුමාර මහතා පැවසීය.  අද දිනයේත් තම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 14 දෙනෙකු සොයාගෙන ඇති අතර , වෙනත් පිටස්තර ප්‍රදේශ වලින් ද තවත් ආසාදිතයන් 03 දෙනෙකු පැමිණ ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙසේ 01/20 දින කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයන් අතර සීදුව පොලීසියේ සේවය කරන නිලධාරීන් 03 දෙනෙකු ද සිටින බව සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය .



Recommended Articles