සීදූව නේවාසිකාගාරයකින් ආසාදිතයන් 42ක්


සීදූව නේවාසිකාගාරයකින් කොවිඩ් ආසාදිතයන් 42ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

ඊයේ දිනයේ මෙම ආසාදිතයන් හඳුනාගත් බවත් ඔහු පැවැසීය. ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවලින් මෙන්ම ඇඳිරි නීතිය නොමැති ප්‍ර දේශවලින්ද කොවිඩ් ආසාදිතයන් වාර්තා වන බව ඔහු සඳහන් කළේය.

ඊයේ වාර්තා වූ රෝගින් 194න් රෝගීන් 80ක් නිරෝධානය වෙමින් සිටි අය බවත් ඉතිරි 114 ස්වයං නිරෝධානයට ලක්වෙන හෝ නිරෝධානයට ලක් නොවන අය බවත් ඔහු පැවැසීය.

 



Recommended Articles