සිහශක්ති සංගීත කණ්ඩායමේ නායක ආනන්ද පෙරේරා සමුගනියි


මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත්  සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙකු වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ .

ඒ මහතා දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් පසුවිය .

ඒ මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා 10/30 මංගලගම පාර මොළඳන්ඩ, කිරිබත්කුඹුර නිවසේ තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු සිදු කරන දිනය පසුව දැනුම් දීමට නියමිතය .

සිහශක්ති සංගීත කණ්ඩායමේ නායකයා වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ධර්මරාජ විදුහලේ ආදි සිසුවෙකු වන අතර ඔහු මෙරට බිහි වූ අති දක්ෂ සංගීතඥයෙකු වශයෙන් සැලකේ .



Recommended Articles