සිසුවිය ලැගුම්හලට ගෙන ආ සැකකරු අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් දෙකක්


කළුතර ලැගුම්හලක පස් වන මහලින් බිමට ඇද වැටී  අභිරහස් ලෙස මියගිය බව කියන 16 හැවිරිදි රූමත් පාසල් සිසුවිය එම ලැගුම්හලට රැගෙන ආ බව කියන මෝටර් රථය  කළුතර පලාතොට ප්‍රදේශයේ සඟවා තිබියදී සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන සිසුවිය සමග ලැගුම්හලට ගිය බව කියන තරුණයකු සහ තරුණියක එළඹෙන 15 දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇති අතර මෝටර් රථය සඟවාගෙන සිටි ප්‍රධාන සැකකරුගේ මිතුරකු බව කියන පුද්ගලයා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය

සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ඩි කේ වෙනුරජිත් මහතා විසින් කළුතර නාගොඩ මහ රෝහලේදී පවත්වා ශරීර කොටස් හා රුධිර සාම්පල් රස පරීක්ෂක වෙත යොමුකර විවෘත තීන්දුවක් ලබා දුන් බව පොලිසිය කියයි

දැරියගේ ශරීරයේ ස්ථාන කිහිපයක දත් පහරවල් දක්නට ලැබී ඇතැයි ද  සඳහන් වේ

මියගිය සිසුවිය සමග ලැගුම්හලට ආ බව කියන විසි නව හැවිරිදි පුද්ගලයා විවාහකයකු බවත් ඔහු සෙල්ලක්කාර ජීවිතයක් ගත කිරීම පුරුද්දක් කරගෙන තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත

වන විට එම සැකකරු  අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා පැවසීය. කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ / පානදුර සුමිත් පොතුපිටිය



Recommended Articles