සිරකරුවන්ගෙන් ගුටි කෑ සිරකරුවෙකු මියයි


ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ සිරකරුවකු  ඊයේ (26)දින රාත්‍රි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ලේ පෝද්දල බලගොඩ ප්‍රදේශයේ පදිංචි දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට ගත් පසු  උසාවි නියෝගයක් අනුව බන්ධනාගාර ගත කොට සිටි අයෙකි. සිද්ධිය සම්බන්ධව ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

කමල් ශ්‍රී ලියනගේ



Recommended Articles