සියයට 60කින් විදුලි බිල වැඩිවුණොත් ලබන වසරේ විදුලි කප්පාදුවක් නෑ


ලබන වසරේදී විදුලි බිල සියයට 60කින් වැඩි කළහොත් විදුලි කප්පාදුවකින් තොරව එම වර්ශය ඉදිරියට යාමට හැකියාව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පැවැසීය.

පසුගිය මිල වැඩිකිරීමේදී ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටි ප්‍රමාණයෙන්ම විදුලි බිල වැඩි නොවුණ බවත් එසේ වැඩි කිරිමට අවස්ථාව හිමි නොවූ ප්‍රමාණය මේ අනුව ඉහළ දැමීමට නියමිත බවත් ඔහු පැවැසීය.

අවම වශයෙන් ඒකකයට රු 48.42ක මුදලක් අය කිරීමට සිදුවන බවද දැනට අය කරන්නේ රුපියල් 29.17ක් බවද ඔහු පැවැසීය.



Recommended Articles