සිය නිවසට ගිනි තබාගෙන තමනුත් අලුවී නිවසත් අලු කළ අයෙක්


ඇල්පිටිය  අලිකෑහේන පාර, තලාව පදේශයේ පදිංචි පුද්ගලයකු නිවසට ගිණි තබා ඔහුත් එම ගින්නෙන් පිළිස්සී   අද(20) අලුයම්කාලයදේ මරුමුවට පත්වී ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.

මෙසේ මරුමුවට පත්වී ඇත්තේ ඇල්පිටිය අලිකෑහේන පාර තලාව පදිංචි සුජිත් සමන්ත දිසානායක නමැති හතලිස් අට හැවිරිදි පෙදරේරුවෙකි.

නිවසේ ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් අධික ලෙස බීමත්ව සිටි ගෙහිමියා  ගෙට ගිනි තබාගෙන ඔහුද ගින්නට හසුවී පිලිස්සී මිය ගොස් ඇති බවත් නිවස ගිනි ගන්නා අවස්ථාවේදී එහි ඔහු හැර කිසිවෙකුත් සිට නැති බවත් පොලීසිය කියයි.

ඔහුගේ මරණ පරීක්ෂණය අද (20) ඇල්පිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණ.
ඇල්පිටිය පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



Recommended Articles