ඇතිමලේ පොලිස් වසමට අයත් විලඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු දෙකයි මාස හයක් වයසැති සිඟිත්තියක් (07) වෙනිදා හදිසියේ මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.
එදින සවස යෝගට් එකක් සහ පැණි වළලු එකක් ආහාරයට ගෙන නින්දට ගොස් ඇති දැරිය අවදිනොවීම නිසා මව විසින් දරුවා වඩාගත් අවස්ථාවේ ශරීරය අප්‍රාණිකවී තිබෙනු දැක ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇත.
එහිදී දැරිය මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ විලඔය පදිංචි ආර්.එම් තිලුණි ආරධ්‍යා බණ්ඩාර නැමති දැරියකි.
දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඒ.සී ලක්මාලි මහත්මිය විසින් පැවැත්වීමට නියමිතව තිබිණි.
ඇතිමලේ වැඩබලන පොලිස් ස්ථානාධිපති එල්.ඒ ජිනදාස මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක