සිංගප්පූරුව හා ලංකාව අතර නව ගුවන් ගමනක්


ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාල සටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් 11/21 දින උදෑසන සිට ආරම්භ කරමින් ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

 ඒ අනුව උදෑසන 10.15 ට සිංගප්පූරුවේ සිට ජෙට් ස්ටාර් ගුවන් සේවයේ 3 කේ 333 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 ගුවන් ගමන සදහා එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එයින් ගුවන් මගීන් 179 ක් සහ කාර්යය මණ්ඩලය ලෙස 06 දෙනෙකු ද පැමිණ සිටියහ .

ගුවන් යානය ජල ආචාර පවත්වා ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබූ අතර ගුවන් තොටුපොළ තුළ දී උඩරට නර්තන ශිල්පීන් පිරිසක් විසින් සිය නර්තන දක්ෂතා දක්වමින් පිළිගැනීමට කටයුතු කර තිබුණි .

ගුවන් යානය සතියකට දින 05 ක් එනම් සදුදා , බදාදා සහ සෙනසුරාදා දින වල රාත්‍රී 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා යළි එදින මධ්‍යම රාත්‍රී 11.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.

එමෙන්ම බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින වල උදෑසන 10.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන මෙම ගුවන් යානා යළි එදිනම දහවල් 11.30 ට සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.

ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට පැමිණ ආපසු සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා , ගුවන් ගමන් ගාස්තුව ලෙස රුපියල් 140,000 ක් අය කෙරෙන බව මෙම ගුවන් සේවයේ ගුවන් තොටුපොළ කළමනාකාරවරයා පැවසීය .

ගුවන් යානයෙන් 11/21 දින දහවල් 11.30 ට ගුවන් මගීන් 178 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 06 දෙනෙකු පිටත්ව ගොස් තිබේ .



Recommended Articles