සාමාජිකයෙක් ඉල්ලා අස්වූ බවට ලිපියක් නෑ - මැතිවරණයට බලපෑමක් නෑ


මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් ලිපියක් මෙතෙක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව 2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් කිසිඳු අඩාලවීමකින් තොරව සැලසුම් කර ඇති ආකාරයට ක්‍රියාත්මක කරනු ලබන බවද දැනුම්දෙයි.

 

 



Recommended Articles