සාපෙළ ලියන්න ආපු සිසුවගේ කලිසම විදුහල්පති කතුරකින් කපලා


හඟුරන්කෙත පොලිස් වසමේ දෙනිකේ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් පහරදී හැඳ සිටි කලිසම කතුරකින් කපා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය විමර්ශන ආරම්භකොට තිබේ.

එම සිසුවාගේ මව පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කොට ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තම පුත්‍රයා හැඳ සිටින කලිසම විශාල වැඩි යැයි පවසමින් විභාග මධ්‍යස්ථානය තුළදී ඔහුට පහරදී ඔහු හැද සිටි කලිසම කතුරක් ගෙන කපා දමා ඇති බවයි.

ඒ හේතුවෙන් තම පුත්‍රයා දැඩි අපහසුතාවයට පත් වී මානසික පීඩනයට ලක්ව සිටින බව අත්තනගොල්ල කරඳගොල්ල ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව විසින් සිදු කරන ලද පැමිණිල්ලේ සඳහන්ය. හඟුරන්කෙත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.



Recommended Articles