සාගර ජීවී මරණවලට හේතුව පර්ල් නෞකාවේ විෂ ද්‍රව්‍යයි


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හරහා විෂ ද්‍රව්‍ය සාගරයට එක්වීම හේතුවෙන් මත්ස්‍යයන් ඇතුලු සාගර ජීවීන් මියගොස් ඇති බවට අනාවරණයවී ඇතැයි පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ඒ අනුව මියගිය මත්ස්‍යයන්ගේ  කොටස් යොදා ගනිමින් වූ පරීක්ෂණ නාරා ආයතනය විසින් මේ වනවිට ද ආරම්භ කර ඇති බව අමාත්‍යාංශය පැවසීය.

කෙසේවුවද මේ වෙනවිට ලද වාර්තා අනුව විෂ ද්‍රව්‍ය හේතුවෙන් මුහුදු ජීවීන් මියගොස් ඇති බව අනාවරණය වී ඇත



Recommended Articles