ස්වාධීන අභිචෝදක කාර්යාලයට මූලික පියවර තබයි


වත්මන් ආණ්ඩුවේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදන කාර්යාලයක් ස්ථාපති කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් විදවත් කමිටුවක් පත්කිරීමට යෝජිත අතර එම කමිටුව පහත අංශ වලින් සමන්විත වනු ඇත.

01 නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයන් දෙදෙනෙක්

02 අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්

03 අධිකරණ සේවයේ මෙම විශය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙක්

04 ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරය හෝ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙක්

යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් මූලික සැලසුම් සිදුකරනු ඇත.

එහි මූලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ හා සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීමටද සැලසුම් කර තිබේ.



Recommended Articles