සහල් මෝල් හිමියන් සහල් තොග මිල යළි වැඩිකරයි


සහල් මෝල් හිමියන් විසින් නාඩු, සම්බා සහ කීරි සම්බා සහල් තොග මිල (02) දින වැඩි කර ඇති බව දිවයින පුරා සහල් තොග වෙලෙදුන් වෙත දැනුම් දි ඇත.

ඒ අනුව නාඩු සහල් කිලෝවක තොග මිල රු 255, සම්බා සහල් රු 260, කීරි සම්බා රු 275 දක්වා වැඩි කර ඇති බවයි වෙලෙදුන් කියා සිටියේ.

එම මිලට අවශ්‍ය සහල් තොග ප්‍රමාණයට මුදල් බැංකුගත කරන ලෙසට සහල් මෝලි හිමියන් විසින් වෙලෙදුන් වෙත උපදෙස් ලබා දි ඇත.

වෙලදපොලේ නාඩු සහල් කිලෝවක පාලන මිල වන රු 220, සම්බා රු 230, කීරි සම්බා රු 260 වන අතර, ඒ මිලට අලෙවි කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය චක්‍රලේකණ නිකුත් කර ඇත.

සහල් මෝල් හිමියන් වරින් වර සහල් මිල වැඩි කර ලබාදිම නිසා තමන්ට පාලන මිලට සහල් අලෙවි කිරිමට නොහැකි බවයි සහල් තොග සහ සිල්ලර වෙලෙදුන් කියා සිටියේ.

ඉකුත් සතියේ සහල් මෝල් හිමියන් විසින් නාඩු සහල් කිලෝවක් රු 235-240, සම්බා රු 250, කීරි සම්බා රු 260-265වැනි තොග මිලකට වෙලෙදුන් වෙත නිකුත් කර ඇත.



Recommended Articles