සහල් ටොන් 16000ක් ආනයනය කරලා


සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් පසු ගෙවීගිය  දින 08 කයෙහිදී  සහල් මෙට්‍රික් ටොන්16000 ක් මෙරටට ගෙන්වා තිබේ.

මෙම  සහල් ප්‍රමාණයෙන්  මෙට්‍රික් ටොන්  6000ක්  කැකුළු සහල් ද, ඉතිරි ටොන් 10000 නාඩු සහල්ද වේ. 

රජය විසින් පසුගිය 04 වැනි දා සිට සහල් ආනයනය සඳහා අවසර ලබා දීමේ තීරණයක් ගත් අතර පසුගිය 10 වැනි දින සිට මෙරටට සහල් ගෙන්වීම  සිදුකරනු ලබයි.

මේ අනුව 10 වැනි දින සිට ඊයේ (18) සවස 3.00 දක්වා කාලයෙහිදී මෙරටට සහල් මෙට්‍රික් ටොන්  16000ක්  ගෙන්වා තිබෙන බව රේගු දෙපාරමේන්තුව සඳහන් කරයි. 



Recommended Articles