සහල් ආනයනට දුන් අවසරය දිර්ඝ කරයි?


පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසරය 2025 වසරේ ජනවාරි මස 10වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මීට අදාළ ගැසට් නිවේදනය ලබන 24වනදා ප්‍රකාශයට පත්කරනු ඇති බව වාර්තා වෙයි. එසේම සහල් ආනයනය කිරිමට අදාළ අවසන් එකඟතාව ලබන සතියේ පැවැත්විමට නියමිත කැබිනට් රැස්වීමේදි ගැනීමට නියමිතය.

සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික ආනයනකරුවන්ට ලබාදි තිබූ කාලසීමාව අද (20) මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් වේ.



Recommended Articles