සහල් ආනයන දෙවැනි අදියරෙන් ටොන් 88000ක් ගෙනල්ලා


සහල් ආනයනය කිරීමට අවසර ලබා දීම යටතේ දෙවැනි අදියර ලෙස සහල් මෙට්‍රික් ටොන් 88000ක් මේ වන විට  මෙරටට ගෙන්වා ඇත.මෙම සහල් තොගය  කැකුළු සහල් ටොන් 34000 කින් හා  තැම්බූ සහල් ටොන් 54000 කින් සමන්විත වේ.

සහල් ගෙන්වීමේ දෙවැනි අදියර පසුගිය මස 24 වැනි දින සිට මේ මස 10 වැනි දින දක්වා සිදුකිරීමට රජය මේ වන විට අවසර ලබා දී ඇත.

සහල් ගෙන්වීමේ පළමු අදියර  සඳහා පසුගිය මස 04 වැනි දින අවසර ලබාදුන් අතර මේ යටතේ පසුගිය මස 10 වැනි දින සිට 20 වැනි දින දක්වා කාලයෙහි සහල් මෙට්‍රික් ටොන් 67000ක් මෙරටට ගෙන්වීමට කටයුතු කර තිබේ.

ආනයනය කරන සහල් ඉක්මනින් නිදහස් කිරීම සඳහා රේගුව ආහාර පරීක්ෂකවරුන් හා ශාක නිරෝධායන නිලධාරීන්ගේ සහයෝගයෙන් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇත.

 



Recommended Articles