සරසවි සිසුන් හා උසස් පෙළ සිසුන් සඳහා මැතිවරණ කොමිසම ගත් තීරණය


පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවලට මෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද ඡන්දය ප්‍රකාශකිරීමට හැකි අයුරින් නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

ඒ් අනුව ලබන මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 හා 14 දෙදින විශ්ව විද්‍යාල වසා තැබීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එසේම පෞද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සඳහාද නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

2006 මැයි 31 දිනට පෙර උපන් වයස අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම්ද ඡන්ද හිමි නාමලේඛනයේ ඇති බැවින් අපොස උසස් පෙළ සිසුනට ඡන්දය පුකාශකිරීමට බාධාවක් නොවන අයුරින් උසස්පෙළ උපකාරක පන්ති යොදා ගනනා ලෙසද මැතිවරණ කොමිෂන් සභාව සිය ලිපිය මගින් දැනුම් දී තිබේ.

 ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles