සයිනෝෆාම් එන්නත් මාත්‍රා 375000ක් ලබාදී අවසන්


චීනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6න් ඊයේ වන විට පළමු මාත්‍රාව වශයෙන් 375316ක් හා දෙවැනි මාත්‍රාව වශයෙන් 2435ක් ලබාදී තිබේ.

මේ අතරින් පළමු මාත්‍රාව එන්නත් 2865ක් හා දෙවැනි මාත්‍රාව එන්නත් 2435ක් ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙත ලබාදී තිබේ.

මීට අමතරව ඇස්ට්‍රා සෙනිකා එන්නත් පළමු මාතාව 925242ක් හා දෙවැනි මාත්‍රාව 267077ක් මෙන්ම ස්පුටිනික් වී පළමු මාත්‍රාව 14699ක් ඊයේ දිනය වන විට ලබාදී තිබේ.



Recommended Articles