සයිනොෆාම් හා ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 23ක් මිලදී ගැනීමට අනුමැතිය


ශ්‍රී ලංකාවේ  ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අවශ්‍ය තවත් එන්නත් මාත්‍රා මිලියන 23ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව සයිනොෆාම් මාත්‍රා මිලියන 09ක් හා ෆයිසර් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවට මේ දක්වා එන්නත් මාත්‍රා මිලියන 19.49ක් ලැබී තිබේ. එයින් මාත්‍රා මිලියන 11.26ක් පළමු මාත්‍රාව ලෙසත් තවත් මාත්‍රා මිලියන 3.25ක් දෙවැනි මාත්‍රාව ලෙසත් ලබා දී තිබේ.

සැප්තැම්බර් මස 30ට පෙර ශ්‍රී ලංකාවේ අවුරුදු 18 ට වැඩි සියලු දෙනාටම එන්නත් ලබාදීමට රජය තීරණය කර තිබේ.



Recommended Articles