සයිනොෆාම් එන්නත් ශ්‍රී ලංකාවට භාරදෙයි


චීනයෙන් මිලදී ගත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාරදී ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

තානාපති කාර්යාලය පවසන්නේ එම එන්නත් තොගය රැගත් ගුවන් යානය චීන වේලාවෙන් අද මධ්‍යම රාත්‍රි යේදී බීජින් ගුවන් තොටුපොළින් නික්මීමට නියමිත බවයි.

එසේම එම එන්නත් තොගය රැගත් ගුවන් යානය හෙට අලුයම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.



Recommended Articles