සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට එයි


චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

සිය ට්විටර් ගිණුමෙන් ඔවුන් සඳහන් කරන්නේ එක් දිනක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන විශාලම එන්නත් තොගය මෙය බවයි.

මේ අනුව ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 22ක් බවත් එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට එක් මාත්‍රාවක් බැගින් ලබාදීමට ප්‍රමාණවත් බවත් තානාපති කාර්යාලය පවසයි.



Recommended Articles